බුදුන්ගේ පාදශ්පර්ශය ලද මහියංගණ බ/සොරබොරවැව මහ විද්‍යාලය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.
මහියංගණ නගරයට නුදුරින් මහියංගණ කොට්ටාශයට හා මහියංගණ කලාප කාර්යාලයට අයත් බ/සොරබොරවැව විද්‍යාලය සොරබොර 2 බී ග්‍රාමසේවා වසමට අයත් පාසලකි.පෝෂිත ප්‍රදේශ තුනකින් සමන්විත මෙම පාසල 1C වර්ගයට අයත්ය. ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම පාසල 1954 වර්ෂයේ දී ආරම්භ කරන ලදි.කරෝලිස් අප්පුහාමි නැමති අනර්ඝ විදුහල්පතිවරයා යටතේ අරම්භ කෙරුණු මෙම පාසල විදුහල්පතිවරු ගණනාවත් අතින් මෙහෙයවනු ලැබිණි.
1954.11.08 දින මෙම පාසල ආගමානුකූලවම සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදු කොට ආරම්භ කිරීමට ඒවකට විදුහල්පති කටයුතු කර ඇත.ඒදින 7.30ටට පොල්තෙල් පහන දල්වා වැඩබලන ගුරුමහතා විසින් දරුවන්ට අකුරු කියා දීම සිදු කොට ඇත.වසර 64 කටත් වඩා දිගු ඉතිහාසයක් පුරා විහිදෙන මෙම පාසල ආර්ථික දුෂ්කරතාවයේ හිණිපෙත්තටම ගිය දරුපරපුරකගේ දැනුම,ආකල්ප,කුසලතා ගොඩනැංවීමට ඒදත් අදත් හෙටත් නොසැලී පවතින බව සහතිකය.
|
ආරම්භ කළ වර්ෂය |
1954 නොවැම්බර් 08 |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩී.පී.ඩී.කරෝලිස් අප්පුහාමි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බ/සොරබොරවැව මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහියංගණ සොරබොර ජනපදය. |