නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/සොරබොරවැව මහ විද්‍යාලය

ප්‍රදේශයේ ඉතාමත් කීර්තිමත්ව බැබලෙන අප පාසල මහියංගණ පුදබිම් සිල් සුවදත් සොරබොර වැවේ වැව් සිසිලසත් මුසු කර ගනිමින් අර්ථික අතින් අති දුෂ්කර දරු පිරිසකගේ නැණස පෑදීමට මහත් වෙහෙසක් දරන අභිමානවත් පාසලකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවියට පිවිසීමට සියලු දෙනාට මා ආරාධනා කරන්නේ ඉතාමත් සතුටකිනි.මන්ද යත් අර්ථික අතින් අති දුෂ්කර දරු පිරිසක් ඩිජිටල් ලොවට පාර සොයන එක් සන්දිස්ථානයක් බවට මෙය පත්වන නිසාවෙනි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
බ/සොරබොරවැව මහ විද්‍යාලය