-
අවම වශයෙන් උදෑසන 7.15ට පෙර පාසලට පැමිණිය යුතුය.
-
නිවැරදි නිළ ඇදුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
-
උදෑසන 7.30ට පෙර තමාට පවරා ඇති වගකීම් අවසන් කර තිබිය යුතුය.
-
ආගමික වතාවත් සඳහා නිසි ලෙස සූදානම්ව සහභාගී විය යුතුය.
-
සෑම අවස්ථාවකම පාසල තුළ පේළි වශයෙන් ගමන් කළ යුතුය.
-
සෑම විටම පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය.
-
සියලු ගුරුභවතුන් හට සමසේ ගෞරව කළ යුතුය.
-
පාසලේ ඇති භෞතික සම්පත් මානව සම්පත් හොදින් ආරක්ෂා කළ යුතුය.
-
පන්ති කාමරය හා පාසල පිරිසිදුව අලංකාරව පවත්වාගෙන යා යුතුය.
-
අනවශ්‍ය දෑ විධිමත්ව නිසි ලෙස බැහැර කළ යුතුය.
-
වැසිකිළි කැසිකිළි පද්ධතිය දිනපතා පිරිසිදුව පවත්වාගෙන යා යුතුය.
-
සෑම විටම ඔබ අන් අයට ආදර්ශවත් ලෙස හැසිරිය යුතුය.
-
කිසිදු අයුරකින් පාසලට අපකීර්තියක් වන ලෙස හැසීරීමෙන් වැළකිය යුතුය.
-
ඉතා උනන්දුවෙන් හා කැමැත්තෙන් ඉගෙනුම් කටයුතුවල නිරත විය යුතුය.
-
විෂය හා විෂය බාහිර කටයුතු සඳහා ඵලදායී ලෙස සහභාගී විය යුතුය.
-
නිසි වේලාවට නිසි ලෙස පුස්තකාලය භාවිතා කළ යුතුය.
-
පාසල් පරිසරයේ අලංකාරය හා ආරක්ෂාව පිළිබඳ සැළකිළිමත් විය යුතුය.
-
පාසලේ සිනුවට අවනතව ක්‍රීයා කළ යුතුය.
-
නිවස හා පාසල අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි