අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බුදුන්ගේ පා පහස ලද මහියංගණ පුරවරයේ සොරබොර වැව් සිසිලස ගෙන දෙන අති සුන්දර පරිසරයක පිහිටි අප පාසල සෞන්දර්යයෙන් රටක් වශී කළ ජාතියේ නැණ තක්සලාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පෝෂිත ප්‍රදේශ තුනකින් සමන්විත මෙම පාසල 1C වර්ගයට අයත්ය.ආර්ථික දුෂ්කරතාවයේ හිණිපෙත්තටම ගිය දරුපරපුරකගේ දැනුම,ආකල්ප,කුසලතා ගොඩනැංවීමට වෙර දරන අභිමාවනත් විදු මාතාවකි.





